ලෝක අමද්‍යප දිනය සහ ජනාවාස දිනය අද

ලෝක අමද්‍යප දිනය සහ ජනාවාස දිනය අද

ලෝක අමද්‍යප දිනය සහ ලෝක ජනාවාස දිනය අද (03) ට යෙදී තිබෙනවා.

මෙවර ජනාවාස දිනය සැමරෙන්නේ ’‘වෙනසක් නොකරමු – කිසිවෙකු හෝ කිසිතැනක් අත් නොහැර රැකගමු’‘ යන තේමාව යටතේයි.

ඒ නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් එක්කර තිබෙනවා.

75 වන නිදහස් දිනයට සැමරුමත් සමඟ ඉදිරි 25 වසරක සැළසුම් තුළ පවුලේ සදාදරණීයන් සමඟ තමාගේම නිවසක සතුටින් ජීවත්වන සමාජයක් ගොඩනැගීම අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 2,000 ක් ඉදිකිරීම ඇරඹීමට සැළසුම් ක්‍රියාත්මකයි.

එම සැමරුම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙනවා.

මේ අතර අද දිනයේ දී දිවයින පුරා ඇති සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජාත්‍යන්තර අමද්‍යප දිනය අද දිනට යෙදී තිබීමේ හේතුවෙන් මෙලෙස දිවයින පුරා ඇති මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.