අගමැතිකම භාරගන්නැයි මට 71ක් වතාවක් ආරාධනා කළා – සජිත් ප්‍රේමදාස

අගමැතිකම භාරගන්නැයි මට 71ක් වතාවක් ආරාධනා කළා – සජිත් ප්‍රේමදාස

යහපාලන රජය පැවති කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ට අගමැතිකම භාරගන්නා ලෙස 71 වතාවක් ආරාධනා කළ බැව් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (02 දා) ගාල්ල නාගොඩදී පැවසීය.

සමගි ජනබලවේගයේ හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස,

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා 71 වතාවක් මට ආරාධනා කළා. අගමැතිකම භාරගන්න කියලා. ඉන් 10 වතාවක් ආරාධනා කළේ ඔක්තෝබර් මස 26ට පෙර. 61 වතාවක් ඔක්තෝබර් 26 න් පසුව අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කළා. මා එජාපයේ නියෝජ්‍ය නායකයා විදියට සිටියදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබියදී මට පුළුවන් ද රනිල් වික්‍රමසිංහ මහත්තයට විරුද්ධව පිටුපස්සෙන් ගිහින් කිණිස්සෙන් අනින්න. මට පුළුවන්ද අගමැති වෙන්න මම එදා ඒක ප්‍රතික්ෂේප කළා. ඒක කළේ ප්‍රතිපත්තියක් අනුව. සක්විති රජකම දෙනවා කීවත් ඒක කරන්න බැහැ. ගෝඨාභය ජනාධිපතිතුමාත් මට කීවා අගමැතිකම භාරගන්න කියලා.

ගෝඨා ගෝ හෝම් කපුටා ගෝ හෝම් කියලා නුවර සිට කොළඹට පාගමන් ඇවිත් මම කොහොමද අගමැතිකම භාරගන්නේ. වස්ත්‍රයක් ඇඳගෙන කරන්න පුළුවන්ද? තිබුණු වස්ත්‍රයක් ගලවගෙන කරපු අය ගැන තමුන්නාන්සේලා දන්නවා. වෙන මොනවාටවත් නෙවෙයි කප්පම් සන්තෝෂම්වලට යන කෙනෙක් යන්න. නමුත් ඒ අය ආපසු අපි සජබේ පිළිකන්නටවත් ගන්නේ නැහැ, කොහොමද අද අගමැතිකම අරන් හිටියා නම් ඇපත් නැහැ නේද?” යනුවෙන් පැවසීය.

COMMENTS