සනත් නිශාන්තට එරෙහිව විනිසුරු සංගමය නඩු මගට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බැවින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.
අදාළ පෙත්සම මගින් අධිකරණ සේවා සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳ පසුගිය අගෝස්තු මස 23 වනදා සිදු කළ විවේචනාත්මක ප්‍රකාශයක් තුළින් මොහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව යි.
දිවයිනේ සියලු මහේස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරු අධිකරණ සේවා සංගමයේ සාමාජිකත්වය දරනවා.
අගෝස්තු මස 23 වනදා මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේ දී මහේස්ත්‍රාත්වරුන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ අදහස් පළ කිරීමක් සිදු කර තිබුණා.
එම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍යවරයා මහේස්ත්‍රාත්වරුන් සතු බලය අභියෝගයට ලක් කර ඇති බවත් මොහු අධිකරණයේ ගෞරවය හෑල්ලූවට ලක්කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවත් අධිකරණ සේවා සංගමය ගොනු කළ පෙත්සමේ වැඩි දුරටත් සඳහන්.

