අමාරුවෙන් ගොඩනඟාගත් ආර්ථිකය අරගලකරුවන් විනාශ කළා – ප්‍රසන්න රණතුංග

අරගල කරන්න ඕනේ ගෙවල් හදන්න මිසක් ගෙවල් ගිනි තියන්න නොවෙි යැයිද අද රටේ ඇතිවෙලා තියෙන අර්බුදවලට අරගලකරුවනුත් වගකිව යුතු යැයිද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (3) දින පැවැති ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.
” අරගල කළ යුත්තේ මිනිස්සු මරන්න නෙවෙයි, මිනිස්සු ජිවත් කරන්න. අරගල කළ යුත්තේ රටක් ගොඩනගන්න මිසක් රට වට්ටන්න නෙවෙයි” යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
“ඒ අරගලයෙන් ලැබුණු දේ මොනවද?. අමාරුවෙන් ගොඩනඟාගත් ආර්ථිකය බිමටම වැටුණා. ජාත්‍යන්තරව අපිට තිබුණු කීර්තිය නැත්තටම නැති කළා. රජයක් ලෙස රට සම්බන්ධයෙන් සැලසුම් තිබුණා. වසර අවසානය වන විට රට තිබිය යුත්තේ කොතැනකද කියන දේ ගැන වැඩපිළිවෙලක් අපිට තිබුණා. කොවිඩ් නිසා වගේම ඊනියා අරගලය නිසාත් ඒ වැඩපිළිවෙල විනාශ වුනා. මේ ඊනියා අරගලය නොවුණා නම් අපි මුහුණ දුන් ආර්ථික අර්බුදයට බෙහෝ විසදුම් ලබා ගන්න තිබුණා” යනුවෙන්ද ඇමති ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් පැවසීය.

