රනිල් අර්ජුන මහේන්ද්‍රන් එක්ක සිංගප්පූරුවේදී කෑම කෑවා ද?

සිංගප්පූරුවේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සමග දිවා ආහාරය ගත් බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“මගේ නම සඳහන් කළා. මම අර්ජුන මහේන්ද්‍රන් එක්ක සිංගප්පූරුවේදී දවල් කෑම ගත්තා කියලා. මම කියන්න කැමතියි උදේ වරුවේ ඒ ඇමතිතුමා එක්ක උදේ කෑම ගත්තා. දවල් කෑම ගත්තේ මම සිංගප්පූරු එයාර්ලයින් එකේදි. මොකද මම 1.00ට යන්න තිබුණේ. 1.00ට නැග්ගට පස්සේ ඒ වෙලාවේ තමයි කෑම කන්නේ. ඕන නම් මම මෙනූ එකත් ගෙනැත් පෙන්නන්නම් මොකක්ද එදා ගත්තේ කියලා. ඒ නිසා මම කණගාටු වෙනවා මරික්කාර් මන්ත්‍රීතුමා මෙහෙම අසත්‍ය ප්‍රකාශයක් කරපු එක.
අනික් අතට මේ මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා දැන් මැද පන්තිය තමයි එකතු වෙලා අරගලය එන්නේ. දැන් විශාල අර්බුදයක් අරගලයක් එනවා කියලා. මේක මීට ඉස්සෙල්ල කිව්වේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය. මම දැන් කැමතියි දෙන්න ම එක ම ප්‍රකාශයක් කරන එක ගැන. එකඟ වෙන්නේ නෑ. ඒත් අඩු ගානේ දැන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ අඩි පාරේ මරික්කාර් මන්ත්‍රී තුමා යනවා කියලා අපිට පේනවා.” යනුවෙන් පැවසීය

