කෝපා කමිටුවේ ඉහළ පුටුව කබීර්ට

රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ඒකමතිකව පත්කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (05) සභාවට දැනුම් දුන්නේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලබා දුන් උපදෙස්වලට අනුව මෙම පත්කිරීම සිදුකළ බවයි.
නව වන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය සඳහා රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවට සහ කෝප් කමිටුවට සාමාජිකයින් පෙරේදා නම් කෙරුණා.
ඒ අනුව කෝපා කමිටුවේ පළමු රැස්වීම මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙනවා.
කෙසේ වෙතත් මෙම කමිටුවල සභාපතිවරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සභාවට දැනුම් දුන්නේ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ට ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.

