ගෑස් මිල අඩු වුන හැටි මෙන්න

ගෑස් මිල අඩු වුන හැටි මෙන්න

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ, රුපියල් 4280ක්.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 107කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල සඳහන් වන්නේ, රුපියල් 1720ක් ලෙස යි.

මේ අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල් රුපියල් 48කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 800ක්.

මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව යි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසන්නේ.