ට්‍රම්ප් සුප්‍රසිද්ධ CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු දමයි

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සුප්‍රසිද්ධ CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු පවරා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තමන්ට මාධ්‍ය තුළින් අපහාස වන ආකාරයෙන් එම නාලිකාව විකාශනයන් සිදු කළ බවයි.
ඒ අනුව අදාළ මාධ්‍ය නාලිකාවට එරෙහිව ට්‍රම්ප් අපහාස නඩු පවරා ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 475ක වන්දියක් ද ඉල්ලා සිටිනවා.
තමන්ව දේශපාලනික වශයෙන් පරාජයට පත් කිරීමට CNN මාධ්‍ය ජාලය සුවිශේෂී කාර්‍යභාරයක් ද සිදු කර ඇති බවයි හෙතෙම විදෙස් මාධ්‍ය නාලිකා වෙත පවසා ඇත්තේ.
මෙම නඩුව පිටු 29කින් සමන්විත වන අතර, තමන් 2024 වර්ෂයේ දී යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බැවින් ඊට එරෙහිව CNN මාධ්‍ය නාලිකාව තමන්ට අපහාස හා අපවාද එල්ල කරන බව ද හෙතෙම පවසනවා.

