සජිත් වසන්ත ගැන අහපු ප්‍රශ්නෙන් ප්‍රස්සන ඇවිලෙයි (Video)

වසන්ත මුදලිගේ,ගල්වැව සිරිධම්ම හිමි,හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇති බවත් ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න පවසන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ වන විට වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානමක පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා ඔහු බන්ධනාගාරයෙන් රාත්‍රී කාලයේ විවිධ ස්ථානවලට රැගෙන යමින් සිටින බවට වාර්තා වන බව ද පැවසීය.
මෙම අවසථාවේදී ප්‍රසන්න රණතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර උණුසම් කතා බහක් ද ඇතිවුණා.
රටට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් යෝජනා වලට ආණ්ඩුව විසින්ම උත්තේජනය ලබාදෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ශිෂ්‍ය අරගල වලට ප්‍රහාර එල්ල කරන්නේ ඒ අරමුණින් දැයි ප්‍රශ්න කළේය.

