ශ්‍රී ලංකාවේ සරසවියක් නමින් නව ශාකයක්

ශ්‍රී ලංකාවේ සරසවියක් නමින් නව ශාකයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලය නමින් ශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල/ කෙතල විශේෂයක් සහ එහි ප්‍රදේශ දෙකක් නම් කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවසයි.

වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක ඉන්ද්‍රකීල මාදොල මහතා , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය සහ වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් ලංකාවට ආවේණික නව කෙටල විශේෂයක් සහ එහි ප්‍රභේද දෙකක් සහිතව හඳුන්වාදී ඇත.

මෙම නව විශේෂය Lagenandra Peradeniya නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෞරව පිණිස නම් කර ඇති අතර එහි තවත් ප්‍රභේද දෙකක්ද ඇති බව එම පර්යේෂණ පත්‍රිකාව මගින් තහවුරු කොට තිබේ.

මෙම හඳුන්වාදීමත් සමඟ ලංකාවට ආවේණික කෙටල විශේෂ සංඛ්‍යාව 13 දක්වා ඉහළ යන අතර ලෝකය පුරාම හමු වන මුළු කෙටල විශේෂ ගණන 20 ක් දක්වා ඉහළ යනු ඇත.

මෙය දකුණු ආසියානු කලාපය තුළ පමණක් හමුවෙන ශාක විශේෂයක් වන අතර මිරිදිය ජලාශ්‍රිත ප්‍රදේශවල දැකිය හැකි මෙම ශාක විශේෂය විසිතුරු ජලජ ශාකයක් ලෙස එකතු කිරීම , ජලය අපවිත්‍ර වීම , ශාකයට අවශ්‍ය වාසස්ථාන විනාශ වීම ඇතුළු කරුණු රාශියක් හේතුවෙන් මෙම ශාකය දැඩි තර්ජනයකට මුහුණදී තිබේ.

*******************************************************************@************************56.jpg” alt=”” class=”wp-image-33002″ width=”839″ height=”1105″ />

*******************************************************************@**********************19.jpg” alt=”” class=”wp-image-33001″ width=”840″ height=”1188″ />