ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (05) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විෂය පථයන් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.