කැස්ස පැණිය බීලා දරුවෝ 66ක් අකාලයේ මැරිලා

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයත දැක්වෙයි.
මේ අතර ඉන්දියාවේ මේඩන් ෆාමසුටිකල් නැමති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග 04 ක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
ගැම්බියාවේ ළමයින් 66 දෙනෙකුගේ මරණයට මෙම සමාගමේ නිෂ්පාදිත සිරප් වර්ග හේතුවක් වී ඇති බවට ඇති සැකයක් මතයි මෙවැනි අනතුරු ඇගවීමක් සිදුකර ඇත්තේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී මෙඩ්රෝස් ඇඩ්නම් ග්‍රේබියේසස් කියා සිටියේ ප්‍රශ්නගත සිරප් නිසා වකුගඩුවලට හානි සිදුවී දරුවන් 66 දෙනෙකු මියගොස් ඇති බවයි.


