දයාසිරිට එරෙහිව සිපෙට්කෝ නඩු මඟට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඊයේ (05) මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සිදු කළ ප්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත එකක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එය සිතාමතා ජනතාව තුළ වෛරයක් ඇති කිරීම සඳහා කරන ලද ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සඳහන්.
බ්‍රෙන්ට් වර්ගයේ ඉන්ධන ගෙන්වීමේ දී බරපතළ දූෂණයක් සිදු වී ඇති බවට යි දයාසිරි ජයසේකර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට චෝදනා එල්ල කළේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනයේ දී සෑම විට ම ටෙන්ඩර් ක්‍රමය සහ රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුමත කරන බවත් ඒ පිළිබඳ ඕනෑ ම නීතිමය කටයුත්තක දී පරීක්ෂණයන් සඳහා සහාය විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, එලෙස සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බව ත් පසුගිය දිනවල සිදු කළ මෙවැනි ම අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවත් ය.


