නෙදර්ලන්තයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

නෙදර්ලන්තයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

නෙදර්ලන්තයේ, බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 14.5%ක් දක්වා නව වාර්තාවක් තබමින් ඉහළ ගොස් තිබේ.

යුරෝපීය සංගමයේ පස්වැනි විශාලතම ආර්ථිකය වන නෙදර්ලන්තය දැන් රුසියාවේ ගෑස් මත යැපීම අවසන් කිරීමට උත්සාහ කරන පසුබිමක, මෙසේ යුරෝපයේ ඉහළම උද්ධමන අනුපාතවලින් එකක් බවට පත්ව ඇත.

පසුගිය වසරේ එම මාසයට වඩා සැප්තැම්බර් මාසයේදී බලශක්තිය 200% කින් මිල අධික වූ අතර අගෝස්තු මාසයේදී එය 151% ක් බව එරට මාධ්‍ය වාර්තා කළේය.

බලශක්ති සහ මෝටර් ඉන්ධන හැර උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 6% සිට සැප්තැම්බර් මාසයේදී 6.5% දක්වා ඉහළ ගිය බව එරට සංඛ්‍යාලේඛන වාර්තා තහවුරු කරයි.

https://reut.rs/3yolmhI