ළමා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක් – කුඩා ළමුන් ඇතුළු 31ක් මරුට

ළමා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක් – කුඩා ළමුන් ඇතුළු 31ක් මරුට

තායිලන්තයේ සිදු වූ වෙඩිතැබිමකින් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිලන්තයේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථනාය මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ජිවිතක්ෂයට පත්වු අය අතර කුඩා දරුවන්ද වන අතර වෙඩි තැබීම සිදුකළ සැකකරු හිටපු පොලිස් නිලධාරියෙකු බවටයි අනාවරණ වි ඇත්තේ.

මේ අතර එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයා වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු සිය පවුලේ සාමාජිකයින්ටද වෙඩි තබා ඝාතනය කර ඇති බව යි.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔහු හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සියලු ආයතන වෙත දැනුම් දීමක්ද දී තිබුණා.

https://bit.ly/3CfbMPi

COMMENTS