ඉදිරි මහ කන්නයට පොහොර දෙන බවට ජනපතිගෙන් සහතිකයක්

ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර හා බීජ ලබා දීමට සියලු පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ, අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ කතාවක් සිදු කරමින්.
පසුගිය රජය සමයේ හඳුන්වා දුන් කාබනික පොහොර ප්‍රතිපත්තිය සමඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය බරපතළ අර්බුදයකට ලක් වුණු අතර, වී අස්වැන්න සියයට හැටකින් පමණ අඩු වූ බවයි වාර්තා වුණේ.

