කහට තේ 30ට – කිරි තේ 100ට මිල චුට්ටක් බස්සයි

කිරි තේ කෝප්පයක සහ ප්ලේන්ටියක මිල රුපියල් 20කින් පහළ වැටී තිබෙනවා.
ගෑස් මිල අඩු වීම නිසා, මෙසේ කිරි තේ හා ප්ලේන්ටිවල මිල අඩු කළ බව යි සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ.
ඒ අනුව රුපියල් 120ක් ව පැවති කිරි තේ කොප්පයක මිල රුපියල් 100ක් හා ප්ලේන්ටියක මිල රුපියල් 30ක් දක්වා මිල පහත වැටෙනු ඇති.
මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වූ ආපණ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්,
“හෙට අපි පාරිභෝගික අධිකාරියට ඒ සම්බන්ධව ලියුම භාර දෙනවා. මේක රටේ නීතියක් හැටියට ගැසට් කරන්න කියලා. බිත්තරට දාපු උපරිම මිල මේකටත් දාන්න කියලා.” යනුවෙන් පැවසීය.

