රුසියාව විසින් මෑතකදී අල්ලාගත් ප්‍රදේශ කිහිපයක් යළි යුක්රේන හමුදා අතට

රුසියාව විසින් මෑතකදී ඈදාගත් කෙරුසන් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් ආපසු අල්ලා ගැනීමට තමන් සමත්වූ බව යුක්රේන හමුදා අද ප්‍රකාශ කළා.
යුක්රේන හමුදා ඉදිරියට ඇදී යාමත් සමඟ වර්ග කිලෝමීටර 500 ක පමණ භූමි ප්‍රදේශයක් අත්කර ගැනීමට හැකිවූ බවයි ජනාධිපති වොලිදිමීර් සෙලෙස්ක් පැවසුවේ. නැගෙනහිර යුක්රේනය තුළ සිය හමුදා සාර්ථක ලෙසින් ඉදිරියට ඇදෙමින් සිටින බව ඔහු සඳහන් කළා. යුක්රේන හමුදා නැවත අල්ලාගත් ප්‍රදේශවල කුඩා නගර සහ ගම්මා 30ක් පමණ ආවරණය වන බව යුක්රේන හමුදා මාධ්‍ය ප්‍රකාශික නතාලියා ගුමෙනුයික් සඳහන් කළේ.

