ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් යයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දා පැවැත් වීමටත්, 2022 උසස් පෙළ විභාගය, 2023 වසරේ ජනවාරි 23 වන දා සිට පෙබරවාරි 17 වන දා දක්වා පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මේ බව පැවසීය.
මීට පෙර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 4 වන දා සහ 2022 උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වන දින සිට ත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණි.


