සැර කළාට කතා කරන්න බෑ, වරප්‍රසාද ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් (Video)

සැර කළාට කතා කරන්න බෑ, වරප්‍රසාද ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් (Video)

ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ සභාව කළ විමර්ශනයේ දී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇතැ යි රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් අද (07) පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා.

එම අවස්ථාවේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊට පිළිතුරු ලබාදීමට උත්සාහ කළ ද කතානායකවරයා සඳහන් කළේ, වරප්‍රසාද කමිටුව හමුවේ කරුණු දක්වන ලෙස යි.

කතානායකවරයාගේ ප්‍රකාශයත් සමග සභාවේ උණුසුම් සංවාදයක් ඇතිවුණා.

කතානායකවරයා මෙසේ පැවසීය.

“ඔබතුමා සැර කළාට කතා කරන්න දෙන්න බෑ. ඔබතුමාට අයිතියක් නෑ එහෙම කියන්න. එහෙම කතා කරන්න දෙන්න බෑ. වරප්‍රසාද කමිටුව ඉස්සරහ පිළිතුරු දෙන්න.”

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි, චන්දිම වීරක්කොඩි, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද එම සංවාදයට මැදිහත් වීමත් සමඟයි.