ඉදල්ගස්හින්න සංචාරකයන්ට තහනම් වෙයි

ඉදල්ගස්හින්න සංචාරකයන්ට තහනම් වෙයි

දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ හපුතලේ – ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශය අවදානම් කලාපයක් බැවින් එහි සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය කියා සිටියේ නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ නොදිරන අපද්‍රව්‍ය දමා ගොස් පරිසරය අපවිත්‍ර කිරීම වැනි හේතු නිසා මෙම තීරණය ගත් බවයි.