ක්රිමියාව සහ රුසියාව යා කරන එකම පාලමේ දැවැන්ත පිපිරීමක් (Video)

ක්රිමියාව සහ රුසියාව යා කරන එකම පාලමට හානි සිදු කරමින් විශාල පිපිරීමක් සිදුව තිබෙනවා.
පිපිරිමත් සමඟ විශාල ගින්නක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් රුසියා රජය කිසිඳු වගකීමක් මෙතෙක් භාරගෙන නැහැ. එහෙත් යුක්රේන ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු වන මිකයිලෝ පොඩොල්යැක් සඳහන් කළේ මෙම හානිය ආරම්භයක් පමණක් බවයි. නීතිවිරෝධී වශයෙන් ඉදිකර ඇති සියල්ල ඉවත් කළ යුතු බවද ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. ක්රිමියාව 2014 වසරේදී රුසියාව සිය රටට ඈදා ගත්තා.

