මහින්ද කළුතරින් යළි වැඩ අරඹයි

මහින්ද කළුතරින් යළි වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙනඒමට දායක වූ තරුණ පරම්පරාව බලාපොරොත්තු වූ ක්‍රම වෙනස සිදුකිරීමට නොහැකි වූ බවය.

‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලිය අද (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීය.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

රටේ උද්ගතවූ ජනතා අරගලය හමුවේ පසුගිය මැයි 09 වනදා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවකදී ජනතාව ඇමතීමට මෙසේ පැමිණියේ පළමු වරට ය.

රැලිය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද සහභාගී වී සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, අනූප පැස්කුවෙල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්විය.

COMMENTS