ජාතික ප්‍රතිපත්තියක් අනුව වැඩ කළොත් රට අසාර්ථක වෙන් නැහැ – ජනපති

ජාතික ප්‍රතිපත්තියක් අනුව වැඩ කළොත් රට අසාර්ථක වෙන් නැහැ – ජනපති

සියලු දෙනා ජාතික ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්නේ නම්, රට කිසි විටෙක අසාර්ථක නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කටුනායක අපනයන සැකසුම් කලාපයේ ස්ථාපනය කරන ලද ඖෂධ නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවට අද (10) එක් වූ අවස්ථාවේදී ය.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා…

“අපි ඔක්කොම එක ජාතික ප්‍රතිපත්තියක ඉන්න ඕනේ. ජාතික ප්‍රතිපත්ති එකක් වෙන්න පුළුවන්. එදිනෙදා අපිට පුළුවන් වාද විවාද කරන්න. ඒත් ජාතික ප්‍රතිපත්තියක් අපි හදන්න ඕනේ. අවුරුදු 10කට, 15කට, 20කට. ඒ ජාතික ප්‍රතිපත්ති අනුව ඉදිරියට යනවා නම්, කිසි විටෙක අපි අසාර්ථක වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කළා. ආණ්ඩුව ඇතුළේ ඇමතිවරු වෙනස් වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් කළා. ඉතින් තව කොහොමද රට දියුණු වෙන්නේ?” යනුවෙන් පැවසීය.