තිළිණි පියුමාලි, නම් ලැයිස්තුවට එරෙහිව ගම්මන්පිල පොලීසියට

තිළිණි පියුමාලි, නම් ලැයිස්තුවට එරෙහිව ගම්මන්පිල පොලීසියට

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී සිටින තිළිණි පියුමාලි නම් කාන්තාවට මුදල් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම නම ද ඇතුළත් වී තිබීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, එම ව්‍යාජ ලිපිය සැකසූ පුද්ගලයින්ට මෙන් ම ඉන්ටර්නෙට්හි එය බෙදා හරින පිරිසට ද එරෙහිව අද (10) දින පොලිසියට පැමිණිල්ලක් කිරීමට අපේක්ෂා කරන බව ය.

අදාළ සටහන පහතින් දැක්වේ.

“තිළිණි ප්‍රියමාලි නමැති වංචාකාරියට මුදල් දුන් අය ලෙස ව්‍යාජ ලැයිස්තුවක් සමාජ ජාලාවන්හි සංසරණය වන අතර එහි මගේ නම ද ඇත. මෙකී ව්‍යාජ ලියැවිල්ල සැකසූ අයට මෙන් ම අන්තර්ජාලයේ බෙදා හරින අයට ද විරුද්ධව 2022 ඔක්තෝම්බර් 10 දින පොලිසියට පැමිණිල්ලක් කිරීමට අපේක්ෂා කරමි.” යනුවෙන්