ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාවට කඩිනම් ණය සහන අවශ්‍යයි

දිනෙන් දින උග්‍ර වන ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 54 කට දැඩි ණය සහන අවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අද (11) නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දුන්නේය.
ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගෙන් හරි අඩක් මෙම රටවල් 54 තුළ ජීවත් වන බව එම වාර් තාවේ දැක්වේ.ඉක්මන් ණය සහන නොලැබුණහොත් එම රටවල දරිද්‍රතාවය තවත් උග්‍ර විය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාව සහ පකිස්තානයේ සිට චැඩ්, ඉතියෝපියාව සහ සැම්බියාව දක්වා රටවල් දැඩි ණය අර් බුදයකින් පීඩා විඳින බව එම වාර්තාව පෙන්වා දෙයි.
ඇති වී තිබෙන ගෝලීය අර් බුද හමුවේ එම රටවලට සහනයක් ලබා දීම සඳහා එම රටවල් ගිවිසුම් ගත වී ඇති බැඳුම්කර ගිවිසුම් සඳහා විශේෂ වගන්ති එකතු කිරීම, ණය කපා හැරීම සහ පුළුල් සහන ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර් ධන වැඩසටහනේ පරිපාලක ඒචිම් ස්ටයිනර් මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. මෙම රටවල ණය අර් බුද කළමනාකරණය කිරීම අපහසු වීමට පෙර එයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ඔහු පැවසුවේය.
මේ අතර ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරනවා.
ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙනවා.
එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (10) දිනයේ දී ලබා දී තිබෙනවා.
අවධානමට ලක්ව ඇති රටවලට සහනදායී ආධාර ලබාදෙන ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) කටයුතු කරනවා.
ඒ අනුව අතරමැදි සහනදායි ණය වැඩසටහන (Reverse graduation) ඉතා කෙටි කාලයකට පමණක් අනුගමනය කිරිමට රජය තීරණය කර තිබෙනවා.

