යුක්‍රේනයට පිට පිට මිසයිල ප්‍රහාර 84 ක් – 14ක් මරුට

යුක්‍රේනයට පිට පිට මිසයිල ප්‍රහාර 84 ක් – 14ක් මරුට

යුක්රේනයේ පළාත් රැසක් ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයන්ගෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මාස කිහිපයකට පසු ප්‍රථමවරට යුක්රේනයේ කියෙව් නගරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලවූ අතර පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද සඳහන්.

මිසයිල ප්‍රහාර 84 ක් එල්ල කර ඇති අතර ගොඩනැගිලි හා යටිතල පහසුකම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිමියා ප්‍රදේශයේ කර්ච් පාලමට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස යුක්රේනයේ නගර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් නිවේදනය කරනවා.

ඉදිරියේ දී තවත් දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට යුක්රේනයට සිදුවනු ඇති බවටයි රුසියා ජනාධිපතිවරයා අනතුරු අගවන්නේ.

https://bit.ly/3VkrC3G