අලවුව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු බලය බිඳ වැටෙයි

අලවුව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු බලය බිඳ වැටෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලවුව ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය පරාජයට පත්ව තිබෙනවා.

ඊයේ (11) පැවති අයවැය ඡන්ද විමසීමේ දී එය පරාජයට පත්වූයේ වැඩි ඡන්ද 9කින්.

මන්ත්‍රීවරුන් 28 දෙනෙකු අලව්ව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන අතර, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 15ක්.

කෙසේ වෙතත් ඊයේ පැවති ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 9ක් පමණක් හිමි වූ අතර, විරුද්ධ ව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 18ක්.

එහි දී කැපී පෙනෙන සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම යි.

පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් අයවැයට පක්ෂව මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පමණක් ඡන්දය ලබා දී තිබූ අතර, එක් මන්ත්‍රීවරයෙකු සභාවට පැමිණ සිටියේ නැහැ.