ඇමති පිළිගත්තද ? පිළිගන්න වුණාද ?

පසුගිය කාලයට සාපේක්ෂව රටේ මන්දපෝෂණය 2%කින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (12) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පසුගිය කාලයේදී මන්දපෝෂණය 12%ක මට්ටමක පැවතිය ද එය මේ වන විට 14%ක මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව රඹුක්වැල්ල මහතා පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
“මගේ නම් මූලික අවශ්‍යතාව තියෙන්නේ මිනිස්සුන්ගේ බඩගින්න, දරුවන්ගේ මන්ද පෝෂණය, ගැබිනි මව්වරුන්ට පෝෂණ වේල, මේ රටේ නිරෝගී පරම්පරාවක් බිහි කිරීමට යම් බාධාවක් වෙලා තියෙනවා නම් ඊට වැඩිය ප්‍රමුඛත්වයක් මට නෑ, සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට. මන්දපෝෂණය කවුරු හරි ඔක්කෝ ම සම්පූර්ණයෙන් තුරන් කරනවා කියන එක සුරංගනා කතා පෙළක් වෙලාවට. හැබැයි මන්දපෝෂණය තිබ්බේ 12%ක මට්ටමක්. ඒක 14%ට ගිහින් තියෙනවා. 2%ක් වැඩිවෙලා තියෙනවා පහුගිය කාලයේ. අපි එතැනින් ගෙනල්ලා 10%ට අඩු කරන්න බලන්නේ. අපි ආසියාවේ ප්‍රබලව හිටිය ඉලක්කම්වලින් හැටියට ඉතාමත් හොඳට හිටපු රටක්. ඉතින් මේක වැටෙන්න දෙන්න බෑ. ඒ නිසා ඒකට ප්‍රමුඛත්වය දෙනවා.”
ප්‍රශ්නය:- ඒ කියන්නේ 2%කින් මන්දපෝෂණය වැඩිවෙලා කියලා පිළිගන්නවා ද?
පිළිතුර:- “අනිවාර්යයෙන් ම. අපි අද නෙමෙයි පිළිගත්තේ. සුමානෙකට කලින් මම පාර්ලිමේන්තුවේදීත් කිව්වා ඒක.” යනුවෙන් පැවසීය

