අපේ ක්රිකට් කෙල්ලන් ජය සමරපු හැටි (Video)

ශ්රි ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර පැවති ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 01ක තියුණු ජයක් ලබා ගන්නට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මුණ ගැසෙනු ඇති.
ජයග්රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී රැස්කර ගත්තේ ලකුණු121 පමණයි.
අතිශය තියුණු අවසානයක් කරා තරගය රැගෙන ගිය ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ පන්දු යවන්නන් පාකිස්තාන කණ්ඩායමට අවසාන පන්දු ඕවරයේ ලකුණු 9 ක ඉලක්කයක් ලබා දුන්නා.
නමුත් එම ඕවරයේ දී පාකිස්ථාන ක්රීඩිකාවන්ට රැස්කර ගත හැකි වූයේ, ලකුණු 7ක් පමණයි.
ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන්දුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 6 ක් දැවී ලකුණු 122 ලබා ගත්තා.
කෙසේ වෙතත් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ජයග්රහණයේ සතුට සැමරුවා මෙලසින්,



