දයාසිරිට සහ මෛත්‍රිට නොතීසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට කොළඹ දිසා අධිකරණය අද (13) නොතිසි නිකුත් කළා.
ලබන 19 වනදා කරුණු දක්වන ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කර ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කර ඇති පෙත්සමක් සලකා බැලිමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා දරන තනතුරු අහිමි කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමිනුයි අමාත්‍යවරයා අදාල පෙත්සම ගොනු කර තිබුණේ.

