ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන IMF කළ නවතම අනාවරණය

ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන IMF කළ නවතම අනාවරණය

2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තවදුරටත් සෘණ අගයක පවතිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඒ අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාවේ අර්ථික වර්ධන වේගය සෘණ සියයට 3ක් පමණ වෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

මේ වසරේදී ශ්‍රී ලංකාවේ අර්ථික වර්ධන වේගය සෘණ සියයට 8.7ක් බවද ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් ජී 2027 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ධන සියයට 3.7ක් බවට පත්වෙනු ඇතැයිද මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි.

මෙම වසර මුල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.7කින් වර්ධනය වනු ඇතැ යි පුරෝකථනය කළා.

කෙසේ වෙතත් ලෝක බැංකුව මේ මස මුල දී සිය ඉදිරි දැක්මේ දී ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 දී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇති බවට යි පුරෝකථනය කළේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය පුරෝකථනයේ සඳහන් කළේ, 2022 දී ආර්ථිකය සියයට 8කින් පහත වැටෙනු ඇති බවට යි.