යුක්‍රේනයට අධිතාක්ෂණික ගුවන් ආරක්ෂක අවි

රුසියාවෙන් එල්ල වන ප්‍රහාර දැඩි වීම හේතුවෙන් යුක්‍රේනයට මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් යුක්‍රේනයට අධිතාක්ෂණික ගුවන් ආරක්ෂක අවි ලබා දෙන බව නිවේදනය කළ බවයි.
ඒ අනුව එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් ආයුධ සැපයීමට පොරොන්දු වී ඇති අතර මිසයිල සහ රේඩාර් පද්ධති ද ඊට ඇතුළත් ය.
අමෙරිකාව සහ ජර්මනිය දැනටමත් යුක්‍රේනය සඳහා අවශ්‍ය අවි ආයුධ සපයා තිබේ.

