මිසයිල ප්‍රහාර නිසා දුම්රිය ගමන් නවතී

මිසයිල ප්‍රහාර නිසා දුම්රිය ගමන් නවතී

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ – නොවිඔස්කොල් නගරයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, මිසයිල ප්‍රහාර රැසක් දුම්රිය මාර්ගය ආසන්නයට පතිතවීම හේතුවෙන්.

යුක්රේනය සහ රුසියාව අතර එම කලාපයේ සටන් මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, දුම්රිය ගමනාගමනය අත්හිටුවීමත් සමඟ නගරයේ 18,000 ක් පමණ වන වැසියන් අසීරුතාවලට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://reut.rs/3TnjMok

COMMENTS