ඩෙංගු වැඩි වෙලා, පරීක්ෂණ සියල්ල නතර වීමේ අවදානමක්

ඩෙංගු රෝගය හඳුනාගැනීමට භාවිතා කරන ‘ඩෙංගු ඇන්ටිජන්’ පරීක්ෂණ ප්‍රතික්‍රීයක කට්ටල බොහෝ රජයේ රෝහල්වල නොමැති බවත් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය එෆ්.බී.සී. පරීක්ෂාවට අවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයීම සමාගම් ගණනාවක් අත්හිටුවා ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
ප්‍රතික්‍රීයක සැපයීම සඳහා මුදල් ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනාවක් තිස්සේ පැහැර හරිමින් තිබීම හේතුවෙන් ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන්ම අසාදු ලේඛණගත කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර සේවා අංශය වෙත වෙන්කළ ප්‍රතිපාදනවලින් දෙවන සහ තෙවන කාර්තුවට අදාලව මිලියන 125 ක් පමණ ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් අහෝසිවී ඇති බවත් කුමුදේෂ් මහතා කීය.
ඩෙංගු රෝගීන්ගේ තුන් ගුණයක වැඩි වීමක් හා අධිආරක්ෂිත කලාප 36ක් නම් කොට තිබිය දී ඩෙංගු පරීක්ෂණ සියල්ල නතර වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
පසුගිය මාස කිහිපයක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000ක පමණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
ඊට අදාළ ව පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බව යි සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව තහවුරු වන්නේ.
මෙය, පසුගිය වසරට සාපේක්ෂ ව තුන් ගුණයක වැඩි වීමක්.
පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 19,912ක් බව ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ද තහවුරු වනවා.
මේ වසරේ වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්වලින් වාර්තා වී ඇති අතර, මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්රික්වලින්ද පසුගිය වසරට සාපේක්ෂ ව ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බව සඳහන්.

