රට ස්ථාවර කිරීමෙන් පසු මැතිවරණ මාලාවක් – වජිර

ජාතිය ස්ථාවර කිරීමේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමෙන් පසු ව මැතිවරණ මාලාවක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ (13) ප්‍රකාශ කර තිබෙනවා.
එබැවින් ඉදිරි මාස කිහිපය තුළ කිසිදු මැතිවරණයක් පැවැත්වීමට නො හැකි බව යි වජිර අබේවර්ධන පවසන්නේ.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන,
“මේක මැතිවරණ තියන්න වෙලාවක් නෙවෙයි. මැතිවරණයක් ඉල්ලන අය රට අස්ථාවර කරන්න කැමති අය. පළාත් පාලන සභිකයන් සංඛ්‍යාව දැනට පවතින 8000 මට්ටමේ සිට 4000 දක්වා අඩු කිරීම අත්‍යාවශ්‍ය යි. පාලන ක්‍රමයේ සෑ ම තරාතිරමක ම මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමත් අත්‍යාවශ්‍ය යි. කිසි ම සංවේදී පුද්ගලයෙක් එයට විරුද්ධ වේ යැයි මම හිතන්නේ නෑ. යනුවෙන් පැවසීය.

