ජනාධිපති කිවූ වැල් පාලමෙන් එගොඩ වුණේ රාජපක්ෂවරු – සජිත්

ජනාධිපති කිවූ වැල් පාලමෙන් එගොඩ වුණේ රාජපක්ෂවරු – සජිත්

වත්මන් රජය මන්දිරවලට වී තරුණ පරපුර මර්දනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් නුදුරු අනාගතයේ දී සමගි ජන බලවේග රජයක් යටතේ එම මන්දිර රට ගොඩ නගන තාරුණ්‍යයට ශක්තියක් ලබා දෙන මධ්‍යස්ථාන බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කලේ ගම්පොළ පැවති උත්සවයක් අමතමිනි,

වත්මන් ජනාධිපතිවරයා පත් වූ දින කියා සිටියේ තමාට වැල් පාලමකින් එගොඩ වීමට සිදුව ඇති බව වුවත් මේ වන විට වැල් පාලමෙන් එගොඩ වී ඇත්තේ රාජපක්ෂ පවුලේ කුමාරවරු ටික බව යැයි පැවසූ විපක්ෂ නායකවරයා එම කුමාරවරු මේ වන විට කියා සිටින්නේ අරගලයේ සිටි තරුණ පරපුර මර්දනය කළ යුතු බව යැයි ද කීවේය.

ලක්ෂ 220ක් ජනතාව අසරණ වී ඇති මොහොතක රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ පරම්පරාව ගොඩ වී ඇති බවත් මෙම කුමාරයාගේ උපදෙස් මත තරුණයන් පුනරුත්ථාපනය කිරීමට පුනරුත්ථාපන කාර්යාංශයක් ගෙන ඒමට රජය සූදානම් වන බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස විරුද්ධ බැවින් රාජපක්ෂවරුන්ගේ උපදෙස් මත ක්‍රියා නොකරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.

එසේ නොවුවහොත් ඔහුට සිදු වන්නේත් රාජපක්ෂලාට සිදු වූ දේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.