මම ප්‍රියමාලිට දීපු ගාන හරියටම කිව්වොත්, ඒ ගාන මම කියපු කෙනාට දෙනවා

මම ප්‍රියමාලිට දීපු ගාන හරියටම කිව්වොත්, ඒ ගාන මම කියපු කෙනාට දෙනවා

තිලිණි ප‍්‍රියමාලි නම් කාන්තාව ළඟ තමන් වහන්සේ මුදල් ආයෝජනය කර ඇතැයි පලවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව උමංදාව මහා විහාර ආශ්‍රමාධිපති සිරි සමන්තභද්‍ර හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ තිළිණි ප‍්‍රියමාලි ළඟ තැන්පත් කර ඇති මුදල කිසිවෙකු විසින් හරියටම පවසන්නේ නම් එම මුදල එම පුද්ගලයාට ලබාදෙන බවද උන් වහන්සේ කියා සිටිති.

සිරි සමන්තභද්‍ර හිමියන් මෙම අදහස් පළ කළේ YouTube නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින්,

එහිදී වැඩි දුරටත් දැක්වූ අදහස්,

ප්‍රශ්නය :- ඔබ වහන්සේ තිලිණි ප‍්‍රියමාලිට අහු වුනාද ?

පිළිතුර :- මම කෙලින්ම කියන්නම් තාපසයෝ නාරිලතා මලට අහු වෙනවලු, ඒ තාපසයො නේ, රහතන් වහන්සේලා අවබෝධයට පත් වෙච්ච අය අහු වෙන් නෑ, අවශ්‍යතාවයක් නැහැ, උමංදාවෙත්, සිරි සදහම් ආශ්‍රමයෙත් ලොකු වැඩ පිළිවෙලක් තියෙන්නේ අවුරුදු 20ක් තිස්සේ වැඩපිළිවෙලක්, අපි මෙතන ඉන්න විදිහක් තියෙනවා, මම ලොතරැයි ගන් නැහැ, වාසනාව තියේනම් ලොතරැයිය මම හොයාගෙන එන්න ඕනේ, මම මිනිස්සුන්ගෙන් ඉල්ලන් නැහැ, ලැබීම තියේනම් මට ගෙනල්ලා දෙන්න ඕනේ, මම කාටවත් දෙන්නම් කාසි වලට වැඩ කරන් නැහැ, ණය දෙන්නැහැ, අනික ඔය එක එක අම්මන්ඩිලාට මෙතන රගන්න දෙන් නැහැ, මෙතන නළගන සමිති නැහැ, කුලගන සමිති නැහැ, යනුවෙන්

උන්වහන්සේ මෙම අදහස් පළ කර සම්පුර්ණ වැඩ සටහන පහතින්,