ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

මේ දිනවල කුවේට් හි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේ, පිරිමි මීටර 400 ධාවන ඉසව්වෙන් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ඊයේ (14) සමත් වුණා.
ඒ පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ අවසන් තරඟයට එක් වූ ප්‍රවීන් ජයතිලක සහ අවිශ්ක තේමින්ද යන ක්‍රීඩකයන්.
එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් ප්‍රවීන් ජයතිලක තත්පර 48.56ක දක්ෂතාවක් වාර්තා කළ අතර ලෝකඩ පදක්කම දිනාගත් අවිශ්ක තේමින්ද එම තරගයේ දී 48.70ක දක්ෂතාවක් වාර්තා කළා.
එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ, තත්පර 48.37 දක්ෂතාවක් දැක් වූ ඉරානයේ සෙයිඩ් මොහොමඩ්.

