ඉන්දියාවට තෙල් ටැංකි දුන්නා නම් අද තෙලුත් තියෙනවා, පෝලිම්වල ඉන්න වෙන්නෙත් නැහැ

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේදී සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත්තේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම (Surbana Jurong plan) පිළිබඳ ඊයේ (ඔක්. 14) ත්‍රිකුණාමල ඔර්ස් හිල් (Orr’s Hill) එළිමහන් භූමියේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
ඉන්දියාවට තෙල් ටැංකි ලබා දීමේ දී මතු වූ විරෝධතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ, එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බව ය.
“අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඊළග ඡන්දයට නොවේ, ඊළග පරම්පරාව වෙනුවෙන්. 2023 අපි 75 වන නිදහස් දින සංවත්සරය සමරනවා. තව අවුරුදු 25යි තිබෙන්නේ නිදහස ලබා වසර 100ක් සම්පූර්ණ වෙන්න. ඊට කලින් මේ වැඩකටයුතු කළ යුතුයි.
ඒ නිසා 2018-2050 සැලසුම් අපි 2020-2048 ලෙස අඩු කර ගමු. මේ නැගෙනහිර පළාතේ විශාල දියුණුවක් අපි ඒ කාලය තුළ ඇති කරන්න ඕන. මම කියන්නේ නැහැ ඊළග වසර 5 එය කළ හැකියි කියලා. අපි කියන්නේ එය ආරම්භ කළ යුතුයි කියලා. එතැනින් ඉදිරියට යා යුතුයි.
පොළොන්නරුව අගනුවරව පැවති කාලයේ ත්‍රිකුණාමල වරාය විශාල වරායක් ලෙස පැවතුණා. එදා අපිට ත්‍රිකුණාමලය වටේ පෙන්නුවා බෙංගාල බොක්ක සිතියම. බෙංගාල බොක්ක කලාපය තව ම දියුණු වෙලා නැහැ. තව අවුරුදු 10-15 යයි එම දියුණුව ලබන්න. තායිලන්තයේ තිබෙන දියුණුව දැන් බටහිරට එන්න තිබෙනවා. මියන්මාරයේ තවම එය ආරම්භ වෙලා නැහැ, බංග්ලාදේශයේ ආරම්භ වුණා විතරයි. ජාවා සුමාත්‍රාවල ඒ වැඩකටයුතු කරගෙන යනවා. ඊළග අවුරුදු 10-15 යනකොට තමයි ඒක වරායක් හැටියට වැදගත් වන්නේ. අපේ උත්සහය ශ්‍රී ලංකාව වරාය කේන්ද්‍රයක් බවට පත් කිරීමයි.
ත්‍රිකුණාමල වරාය ගැඹුරු වරායක් බවට පත් කළ යුතුයි. නැගෙනහිර පළාත නාවික කටයුතු සඳහා වැදගත් කාර්ය භාරයක් සිදු කරනවා.
ත්‍රිකුණාමල වරාය ප්‍රමුඛ ක්‍රමෝපායික වරායක් බවට පත් කිරීමට අවශ්‍යයි. ඒ කියන්නේ අපේම නාවික යාත්‍රා මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි අයුරින් එය සංවර්ධනය කිරීමයි. ඒ වෙනකොට දැනට තිබෙනවාට වඩා නාවික යාත්‍රා අපේ නාවික හමුදාවට තියෙයි කියලා මම හිතනවා. අපි මේ කටයුතු සැළසුම් කරන විට ඉන්දියාව සමග එකට වැඩ කළ යුතුයි. මන්ද ඉන්දියාව අපිට වඩාත් සමීපව පිහිටා තිබීම නිසා එය ඉතා වැදගත් වෙනවා.
දැනට ඉන්දියාව සමග වැඩසටහන් කිහිපයක් ගැන සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා අපට තිබෙන්නේ මේ සාම්පූර් බලාගාරයේ වැඩකටයුතු ඉදිරියට කරන්න. මෙයට බාධා එල්ල වෙනව නම් කෙලින් ම ආණ්ඩුව යටතට අරගෙන ඒ වැඩකටයුතු කරන්න සිදු වෙයි.
ත්‍රිකුණාමල වරාය ගිවිසුමට අපි 2003 අත්සන් කළා. 2003 සිට තෙල් ටැංකි ලබාදීම ගැන වෘත්තීය සමිතිවල විශාල විරුද්ධත්වයක් තිබුණා. අපි එදා තෙල් ටැංකි ලබා දුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝලිම්වල ඉන්න වෙන්නෙත් නැහැ, කෝලහාල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. ඇයි තෙල් නැති වුණේ, රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්, අපි එදා මේක කළා නම් අද අපිට කිසි ම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
එවැනි බාධකවලට නැවත ඉඩ දෙන්න බැහැ. මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එය කළ යුතුයි. මම මේ සැලැස්ම පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා, පාර්ලිමේන්තුව එකඟ වුණාට පස්සේ එය නීතිගත කරනවා. මොකද ආණ්ඩු මාරු වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මාරු වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිපත්ති මාරු වෙන්න බැහැ. මේ නිසා බාධක නැතිව අපි ඉදිරියට යන්නයි කටයුතු කළ යුත්තේ.
අපි ඉන්දියාව සමග පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. එය ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමලයේ, ඉන්දියාව සමග තිබෙන සබඳතා පදනම් කරගෙන ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගත යුතුයි. පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමත් සමග එයට හරිත හයිට්‍රජන් සහ හරිත ඇමෝනියා වැනි අගය එකතු කිරීම් සිදු කළ යුතුයි. ඉතින් අපට හරිත හයිට්‍රජන් අපනයනය කරන්න වරායක් අවශ්‍යයි. එහිදි මෙතන තිබෙන විභවය සැලකිල්ලට ගත යුතුයි.
උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත සැලකිල්ලට ගත්විට එහි කේන්ද්‍රීය වරාය විය යුත්තේ ත්‍රිකුණාමල වරාය. සමහරවිට ඉදිරියේ දී සිංගප්පූරුවටත් අපිට මාර්ගයක් හදාගන්න පුළුවන් වෙයි. ඒ තත්ත්වයට දියුණු කිරීමට විශාල ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා. මේ පළාතේ ආර්ථික විභවය ඉතා විශාලයි. එය ඉලක්ක කරගෙන තමයි අපි මෙය දියුණු කළයුත්තේ.
ආර්ථික වශයෙන් මෙම වරාය නගරය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට සීමා කරන්න බැහැ. මෙය අනුරාධපුර, වව්නියාව, දඹුල්ල නගර සමග සම්බන්ධ විය යුතුයි. වන්නි, නැගෙනහිර, උතුරු මැද තමයි රටේ ආහාර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ. ආහාර නිෂ්පාදන අපනයනය කරවා නම් මෙතනින් තමයි එය සිදු කළ යුත්තේ.
අද අපි පිටි අපනයනය කරනවා. අපි තිරිඟු වවන්නේ නැහැ, ඒ වුණාට අපි අපනයනය කරනවා. එය කරන්නේ ප්‍රීමා ආයතනය. අපේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් තමයි තිරිඟු පිටි. අපි එය පිටින් අරගෙන අපනයනය කරනවා. ඒ වගේ වෙනත් ද්‍රව්‍යයත් එලෙස අපනයනය කළ හැකියි. අපි ඒ පිළිබඳ සලකා බලමු.
මේ පළාතේ කර්මාන්ත දියුණු කිරීමට ඉන්දියාව සමග එකඟව තිබෙනවා. ඒ අනුව කර්මාන්ත කලාපයකුත් ඇති කළ යුතුයි. මම යෝජනා කර තිබෙන්නේ ඒ කටයුතු ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සිදු කිරීමට. එතකොට වරායටත් ඊට සම්බන්ධයක් තිබෙනවා. ඒ පිළිබඳ ඒකාබද්ධ කණ්ඩායමක් පත් කිරීමට සැලසුම් කරනවා.
ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට පෙර අපි ආර්ථික පැත්ත ගැන සැලකිල්ලට ගත යුතුයි. ආර්ථික පැත්තෙන් බලන විට අපිට තිබෙනවා සංචාරක කර්මාන්තය. විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණය තිබෙනවා. ඒ නිසා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි වෙනවා.
ත්‍රිකුණාමල ගුවන්තොටුපොළ තිබුණත් එහි විශාල අහස් යානා ගොඩ බැස්සවිය නොහැකි. ඒ නිසා හිඟුරක්ගොඩ හෝ වව්නියාව ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් බවට පත් කරන්න සිදු වෙනවා. ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දක්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා.
නැගෙනහිර පළාත දියුණු කිරීමට අපි සම්පූර්ණ සැලැස්මක් ඇති කළ යුතුයි. එමෙන් ම, උතුරු පළාත දියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරයි, නැගෙනහිරයි මැද තිබෙන්නේ ත්‍රිකුණාමලය. ඒ වගේ ම උතුරු මැද ගත් විට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විශාල කොටසක් අයිති වෙන්නේ මේ පළාතට. මෙම ඒකාබද්ධ වැඩසටහන වසර 5 කින් සිදු කළ නොහැකියි. අවුරුදු 20 – 25කින් කරන්න පුළුවන්. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිම කරන්න අවුරුදු 10ක් ගත වුණා.
මෙම මූලික වැඩ කටයුතු ගැන සාකච්ඡා කරලා ඒ පිළිබඳ, කැබිනට් මණ්ඩලය දැණුවත් කර ඊට පසුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්

