ගල් අඟුරු ආකරයක පිපිරීමක් – 28ක් මරුට

ගල් අඟුරු ආකරයක පිපිරීමක් – 28ක් මරුට

උතුරු තුර්කියේ බාර්ටින් ප්‍රාන්තයේ ගල් අඟුරු ආකරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව මෙම අනතුරින් මියගොස් ඇති අවම සංඛ්‍යාව විය හැකි බවයි.

ඊට හේතුව සේවකයින් 110 දෙනෙකු මෙම ගල් අඟුරු පතලෙහි සේවය කරමින් සිට තිබෙනවා.

ඔවුන් ව මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් යොදා ඇති අතර, තවමත් එහි සිර වී සිටින සේවකයින් සංඛ්‍යාව නිශ්චිතව හෙළි වී නැහැ.

මෙම සේවකයින්ගෙන් අඩක් පිපිරුම සිදු වන අවස්ථාවේ දී මීටර් 300කටත් වඩා ගැඹුරක සිට ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය Fahrettin Koca පැවසුවේ පුද්ගලයන් 11 දෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා මේ වනවිට යොමුකර ඇති බවයි.

https://bit.ly/3VxqKsw