ගෝලීය කුසගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 64වන ස්ථානයට

ගෝලීය කුසගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 64වන ස්ථානයට

ගෝලීය කුසගිනි දර්ශකයට අනුව රටවල් 121ක් අතුරින් ශ්‍රී ලංකාව 64වන ස්ථානයේ පසුවනවා.

එහි පළමු ස්ථාන කිහිපය ඉතා සාධනීය වන අතර, අවසන් ස්ථානයේ පසුවන්නේ සාගින්න දරුණු ලෙස බලපා ඇති රටවල් බවයි එම දර්ශකයේ දැක්වෙන්නේ.

එම දර්ශකය පදනම් වී ඇත්තේ සංරචක දර්ශක හතරක අගයන් මතයි

ඒ මන්දපෝෂණය, ළමයින්ගේ වැඩීම බාල වීම, ළමයින් දුර්වල වීම සහ ළමා මරණ යන දත්ත පදනම් කරගනිමින්.

2022 ගෝලීය සාගින්න දර්ශකයේ ඉන්දියාව ස්ථාන හයක් පසු බැස රටවල් 121ක් අතරින් 107 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවටත් වඩා අන්ත ස්ථානයකයි ඉන්දියාව පසුවන්නේ.

දකුණු ආසියාවේ සාගින්න ඇති රටවල් අතරින් ඉන්දියාව දෙවැනි වන්නේ ඇෆ්ගනිස්ථානයට පමණයි.

ඇෆ්ගනිස්ථානය පසුවන්නේ 109වන ස්ථානයේ.

මන්දපෝෂණය ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් නොමැති ජනගහනයේ කොටස නියෝජනය කරන අතර, ළමයින්ගේ වැඩීම බාල වීම පෙන්නුම් කරන්නේ නිදන්ගත මන්දපෝෂණය පිළිබිඹු කරමින් වයසට සරිලන උස නොමැති වීමයි.

අවුරුදු පහට අඩු දරුවන්ගේ මූලික කරගෙන ඇති අතර එම දරුවන්ගේ උසට සරිලන බර අඩු දරුවන්ගේ උග්‍ර මන්දපෝෂණය පිළිබිඹු කරන බවයි එම වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

දර්ශක සඳහා භාවිතා කරන ලද දත්ත යුනිසෙෆ්, ලෝක බැංකුව, ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) ඇතුළු විවිධ එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් ලබාගෙන ඇති බව වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

අසල්වැසි පාකිස්තානය 99වන ස්ථානයේ, බංග්ලාදේශය 84වන ස්ථානයේ, නේපාලය සහ මියන්මාරය පිළිවෙලින් 81 සහ 71 වැනි ස්ථානයේ පසුවන අතර 121වන ස්ථානයේ පසුවන්නේ යේමනයයි.

බුරුන්ඩි, සෝමාලියාව, දකුණු සුඩානය සහ සිරියාව ඇතුළු රටවල් 15 ක් සඳහා දත්ත නොමැතිකම හේතුවෙන් ශ්‍රේණිගත කිරීම් තීරණය කළ නොහැකි බව වාර්තාව පවසනවා.

සාගින්න අවම තත්ත්වයේ පසුවන එනම් දර්ශකයේ පළමු තැන හිමිව තිබෙන්නේ බෙලරූස් රාජ්‍යයටයි, දෙවන ස්ථානය Bosnia & Herzegovina ට හිමිව ඇති අතර 03වන සහ හතරවන ස්ථානවල පිළිවෙලින් පසුවන්නේ චිලී රාජ්‍යය සහ චීනයයි.

https://bit.ly/3CZQ57c