ලක්ෂ දෙකක ජනතාවට බයවෙලා අපි අඩියක් පස්සට ගියා – සාගර කාරියවසම්

ගාලු මුවදොර අරගලය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ හෙළිදරව්වක් සිදු කළ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමකට එක්වෙමින්.
ඔහු වැඩි දුරටත් දැක්වූ අදහස්,
“පහුගිය කාලේ අරගලයට බයවෙලා අපේ පාක්ෂිකයෝ යම්කිසි පසුබෑමකට ලක් වුණා. දැනට සති කිහිපයකට කලින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ ප්‍රධානියා මේ අරගලය සම්බන්ධයෙන් කිසියම් වූ කාරණාවක් හෙළිදරව් කළා. ඔවුන්ගේ තියෙන සංඛ්‍යාලේඛන අනුව අරගලයට සම්බන්ධ වෙච්ච සම්පූර්ණ ජනතා ප්‍රමාණය ලක්ෂ 2කට අඩුයි. 69 ලක්ෂයක් ඡන්දේ දීලා ජනතාව අපේ ජනාධිපතිවරයෙක් පත් කරලා, රජයක් පත් කළාට පස්සේ ලක්ෂ දෙකක ජනතාවක් ඇවිල්ලා කරපු අරගලයට බයවෙලා අපි අඩියක් පිටිපස්ස ගත්තා.
අපේ ජොන්ස්ටන් ඇමතිතුමා බය වුණෙත් නැහැ, ගැහුවොත් ගහනවා කිව්වා, ගහන්නම ආවා, ඒ වුණාට අපි බය වුණා, යම්කිසි කුමන්ත්රණකාරී පිරිසක් ක්‍රියාත්මක වුණා ජනාධිපති සිහින දකින, අගමැති සිහින දකින පිරිසක් අරගලය මුවාවෙන් විවිධ කුමන්ත්‍රණ කළා.
පෙරේදා නාමල් රාජපක්ෂ මැතිතුමා මුණගැහෙන්න ආවා ලෝක රිපබ්ලිකන් සංවිධානයේ ආසියානු පැසිෆික් කලාපීය නියෝජිතයා, ලෝකේ තියෙන දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රබලම සංවිධානය, ඔවුන් කිව්වා ලංකාව ගැන සොයා බැලුවට පස්සේ ඔවුන්ට සාක්ෂාත් වෙච්ච කාරණය තමයි ලංකාවේ අදටත් තියෙන ස්ථාවර වෙච්ච එකම පක්ෂයක් හරි තියෙනවානම් ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව විතරයි කියලා” යනුවෙන් පැවසීය.

