යුද පුහුණුව ලබමින් සිටි පිරිසකට එල්ලවූ ප්‍රහාරය

රුසියාවේ යුද පුහුණුව ලබමින් සිටි පිරිසකට සිදුකළ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
හමුදා පුහුණුව ලබමින් සිටි ආධුනිකයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති අතර, තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
යුක්රේන – රුසියා දේශසීමාවේ නිරිතදිග බෙල්ගොරොඩ් ප්‍රදේශයේ පුහුණු කඳවුරක දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.
පුහුණුව ලබමින් සිටි පිරිස අතරට පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

