ලංකාවට දුන් ණය බංග්ලාදේශය වෙලාවටම දෙන්න කියයි

ලංකාවට දුන් ණය බංග්ලාදේශය වෙලාවටම දෙන්න කියයි

ලබන වසරේ මාර්තු මස ගෙවීමට ඇති, අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල නියමිත වේලාවට ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව බංග්ලාදේශය පවසනවා.

බංග්ලාදේශ dhakatribune වෙබ් අඩවිය වාර්තා කරන්නේ, එරට මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බවයි.

විදේශ හුවමාරු ගිවිසුමක් යටතේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත වේලාවට ලබාදීමට නො හැකි වූ අතර ශ්‍රී ලංකාවේ ඉල්ලීමට අනුව එම කාල සීමාව දෙවරක් දීර්ඝ කිරීමට මීට පෙර බංග්ලාදේශය කටයුතු කළා.

එහි ප්‍රථිපලයක් ලෙස, ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල දී අදාළ ණය මුදල ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බැවින් එම එකඟතාවට අනුව නිසිකලට අදාළ මුදල් ලැබෙනු ඇති බව තමා අපේක්ෂා කරන බව බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවා.

https://bit.ly/3S4HPav