රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවතට

රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පත් කර තිබෙනවා.

මීට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහයි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටයුතුවලින් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම හේතුවෙන් මෙලෙස රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් දිස්ත්‍රික් නායකයා ලෙස පත් කිරීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊයේ (15) දිනයේ පොලොන්නරුව – ගිරිතලේ ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ රැස්වීමකදී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා අතින් එම පත්වීමේ ලිපිය සිරිපාල ගම්ලත් මහතාට භාරදෙනු ලැබිණි.

COMMENTS