Breaking News:- තෙල් මිල පහළට

අද රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් පහල දමා තිබෙනවා.
එසේ ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් අඩු කර ඇති බව සඳහන්.
මේ අනුව පෙට්‍රල් 92 ලීටරයක් නව මිල රුපියල් 370ක් සහ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415ක් වනු ඇති.
කෙසේ වෙතත් අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙස ම පවතින බව යි වාර්තා වන්නේ.
අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම නව මිල සංශෝධන පිළිබඳ නිවේදනය කරනවා.
මේ අතර අඩු කළ සිපෙට්කෝ මිල ගණන්වලට අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද පහත දමන බව එම සමාගම දැනුම් දෙනවා
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර තිබෙනවා
නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415ක් වනවා


