යුරෝපා රටවලින් ඉරානයට වැටක්

රුසියාවට ඩ්‍රෝන යානා ලබා දීම හේතුවෙන් යුරෝපා රටවල් විසින් ඉරානයට සම්බාධක පනවා තිබෙනවා.
යුරෝපා රටවල මුල්‍ය ආයතන වල ඉරාන ජාතිකයින් තැන්පත් කර ඇති මුදල් ලබා ගැනිමට නො හැකි වන ලෙස සහ ඉරාන ජාතිකයන්ට යුරෝපා රටවල සංචාරය ද තහනම් කරමින් සම්බාධක පනවා තිබීම විශේෂත්වයක්.
යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කළේ, රුසියාවට ඩ්‍රෝන යානා ලබාදීමෙන් මියයන සිය රට වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් ඉරානය වගකිව යුතු බව යි.

