හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ඉන්දියාවේ හිමාලයේ කේදර්නාත් වෙත වන්දනාකරුවන් රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් කඩාවැටී එහි සිටි පුද්ගලයින් 6 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේදී හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඇති බවයි.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙලෙස හෙලිකොප්ටරය අනතුරට ලක්වන්නට ඇති බවට සැක පළ කෙරෙන අතර, යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ද අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

https://bit.ly/3EQKPV8