ශ්‍රී ලංකාවට ලකුණු 79ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 79ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති 20යි 20 ලෝක කුසලානයේ මූලික වටයේ තරඟයෙන් ලකුණු 79ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනූ එක්සත් අරාබි එමීර් නායකයා පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස් කර ගැනීමට සමත් වුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු පන්දු 60කින් ලකුණු 74ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් ක්‍රීඩකයන්ට කිසිදු ලෙසකින් හිස එසවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.

එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලකුණු 15කට කඩුලු 3ක් ලබා ගත්තේ සිය 20යි 20 පිටියේ 50 වැනි කඩුල්ල ද වාර්තා කරමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 20 සීමාව වත් ඉක්මවා යෑමට නො හැකි වුණේ, ඉතා ම අවාසනාවන්ත ලෙසින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 8කට කඩුළු 3ක් ද දවා ගත්තා.

තරගයේ වීරයා පැතුම් නිස්සංක.

COMMENTS